හොරෙන් ගෙනා පිඹුරන් විකුණන්න යද්දි පොලීසියට මාට්ටු

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ආනයනය කර, විකිණීම සඳහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක සඟවා ගෙන සිටි අලෙවිසැලේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙක් අද (21) අත්අඩංගුවට ගත් බවයි.

බම්බල් බී, ස්පයිඩර් කැළිපර් සහ බනානා යන වර්ගවලට අයත් පිඹුරන් පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ මොවුන් ගුවන් මගින් සිය ගමන් මලු තුළ බහා මෙරටට ගෙන එන්නට ඇති බවයි.

මෙම සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත යොමු කර ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21
Video thumbnail
“ඇය තමයි අපේ ජාතියේ හඬ පෞරුෂය”
01:22
Video thumbnail
නන්දාමාලනියගෙන් උදාගම්මානයක් හදන්න ගිය සජිත්ට එතුමිය දීපු පිළිතුර අද සජිත් කියයි...
00:39
Video thumbnail
මාලනියට සුනිල් ආරියරත්නයන් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම - ඒ හිතේ කොච්චර දුකක් ඇත්ද ?
00:27
Video thumbnail
සජිත් නන්දා මාලනී ගැන කළ සංවේදි ප්‍රකාශය - මට ආශාවක් තිබ්බා උදා ගම්මානයක් හදන්න
09:35
Video thumbnail
දැයෙන් සමුගත් නන්දා මාලනීයට සමුදෙන්න සජිත් එයි - දේහය ළඟ සජිත් සංවේදී වුණ හැටි
01:16
Video thumbnail
නාමල් වෙනුවෙන් FCIDයට ආ ජොන්ස්ටන් සැරටම කිව්ව දේ - "සෙනඟ දැක්ක ගමන් බයවෙලා ගෙන්වනවා"
02:58
Video thumbnail
බලන්න ඒ මතකයන් කොච්චරනම් සුන්දර ඇතිද..
00:33
Video thumbnail
ටිල්වින් සංවේදී වී කළ ප්‍රකාශය - මාලනී ප්‍රාර්ථනා කරපු ලෝකය දැන් හැදෙනවා
02:06