හෙට තරගයට ඇති සූදානම ගැන මැතිව්ස්ගෙන් ප්‍රකාශයක්

එංගලන්තය සමග හෙට පැවැත්වෙන තරගයේදී කණ්ඩායමට තමා අවශ්‍ය තැන නායකයාගේ සහ පුහුණුකරුගේ තීරණය අනුව ඕනෑම තැනක පන්දුවට පහර දීමට සූදානම් බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

එංගලන්තයට සමග හෙට පැවැත්වෙන තරගයට පෙර අද පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු කියාසිටියේ ජයග්‍රාහී අරමුණක් වෙනුවෙන් තමාට හැකි සෑම ආකාරයකින්ම දායක වන බවයි.

තනතුර හෝ ස්ථානය වැදගත් නොවන අතර කණ්ඩායමට අවශ්‍ය ඕනෑම තැනක පිතිකරණයේ යෙදීමට සහ ජයග්‍රහණයක් සඳහා ඉතා කුඩා ආකාරයකින් හෝ දායක වීමට කැමැත්තෙන් පසුවන බවයි ඔහු සඳහන් කළේ.

තම 4 වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වන මෙම තරගාවලිය සිය අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය වන අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම දායකත්වය ලබාදීමට හොඳ සූදානමකින් සිටින බව මැතිව්ස් කියා සිටියා.

නායකයා තමාට පන්දු යැවීමට අවස්ථාව ලබා දුන්නොත් පැහැදිලිවම ඊට සූදානම් බව ද මැතිව්ස් ප්‍රකාශ කරනවා.

එංගලන්තයට එරෙහිව හෙට (26) පැවැත්වෙන තරගයේදී පන්දුවෙන්, පිත්තෙන් සහ පන්දු රැකීමෙන් යන සියලුම අංශවලින් කණ්ඩායමට උපරිමය ලබා දීමට සූදානම්ව සිටින අතර ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා ගෙනයාමට අවශ්‍ය උපරිම ශක්තිය දෙන බව ද අවධාරණය කළා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය හෙට පස්වරු 2ට ආරම්භ වන්නේ බෙංගලූරුහිදීයි.

  1. MAT BAILA ONA NAHE. NELAPAN HATHARA WATETAMA. BALL KARAPAN WICKET KUDU WENNA. FIELD KARAPAN EKA CATCH EKAK MISA NOKARA, EKA LAKUNAK HO YANNA NODHEE. API UMBEN ILLANNE ECHCHARAYI. EYI HONDATAMA ATHI DINANNA. EKEK DENNEK HARIYATAMA WEDA KALOTH DINANNA CHANCE WADIYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30