පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීථි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනාට එරෙහිව විභාග වන නඩුවට අදාළව නීතිපති උපදෙස් ලබාගෙන නොවැම්බර් 02 වන දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම කුරුඳුවත්ත පොලිසියට අද (17) නියෝග කළා.
පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීථි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය ඇතුලු සැකකරුවන් 15 දෙනාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පනවා ඇති නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,කාන්තාවන් 13 දෙනෙකු සහ පුද්ගලයකු අධිකරණය පෙනී සිටීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 02 වන දින නැවත කැඳවීමට නියෝග කළා.













