හික්කඩුව පොලිස් වසමේ නාරිගම වෙරළ තීරයේ ඊයේ (15) දින සවස දියනෑමට ගිය විදේශ ජාතිකයෙකු දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවට පොලිසිය පවසනවා.
පසුව ප්‍රදේශවාසීන් විසින් දියේ ගිලුණු විදේශ ජාතිකයා ගොඩ බිමට රැගෙනවිත් බලපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය් සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය විසින් විමර්ශන ආරම්භකර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 71 ක්වූ ජර්මන් ජාතිකයෙක්.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
