රුපියල් හැත්තෑ ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස ගුවන්තොටපුළින් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (10) දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ අදාල සිගරට් තොගය පිට කර ගෙන යාමට තැත් කළ අවස්ථාවේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඔහු අත්අඩංගුවට ගත් බවට වාර්තාවෙනවා.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවට තොරතුරු අනාවරණය වෙනවා.
සැකකාර පුද්ගලයා ඊයේ පස්වරු 05.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ ” ප්ලැටිනම් 07 ” වර්ගයේ දුම්වැටි 46,800 අඩංගු දුම්වැටි කාටූන් 234 ක් සගවා ගෙන තිබුණා.
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
