හරක් කටාගේ ඉල්ලීම් කිහිපයකට අධිකරණයේ එකඟතාවය

මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැති විත්තිකරුට පහසුකම් කීපයක් සලසා දීමට, පැමිණිල්ල අද කොළඹ මහාධිකරණය හමුවේ එකඟ වුණා.

‘හරක් කටා’ වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද (08) දියේ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම් සිදුකළා.

අත්අඩංගුවේ පසුවන තමන්ට නීතිඥවරු හමුවීම සඳහා මේ වනවිට ලබා දෙනු ලබන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන නියෝගයක් නිකුත් කරන මෙන් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබුණා.

එහෙත් නීතිඥවරුන් හමුවීම සඳහා ලබාදෙන කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බව රජයේ නීතිඥවරයා සඳහන් කළා.

විත්තිකරුගේ ආරක්ෂාව සඳහා සී.සී.ටී.වී කැමරා පද්ධතියක් ඔහු රඳවා සිටින ස්ථානයේ ක්‍රියාත්මක වන්නේදැයි වාර්තාවක් කැඳවන ලෙස ද එම මෝසමින් ඉල්ලීමක් කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු රඳවා සිටින ස්ථානයේ එවැනි කැමරා පද්ධතියක් නොමැති අතර, ඔහුගේ ආරක්ෂාව සඳහා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකයේ සහ නාවික හමුදාවේ නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබෙන බවත් පැවසුවා.

ඊට අමතරව පියා ඇතුළු ඥාතීන් හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත් හරක් කටා සිය මෝසෙමින් ඉල්ලා තිබුණා.

ඒ, අනුව ඥාතීන් හමුවීම සඳහා ලබා දෙන කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බව ද රජයේ නීතිඥවරයා සඳහන් කළා.

ඊට අමතරව විදේශයක සිටින තම දරුවාට දුරකථනයෙන් කතා කිරීමේ පහසුකම් ලබා දෙන ලෙසද හරක් කටා සිය මෝසමෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශ රඳවුම් භාරයේ පසුවන පුද්ගලයෙකුට මෙවැනි පහසුකමක් ලබාදීම අපහසු බවයි.

එසේම විත්තිකරුව තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් අදාළ මෝසමෙන් තවත් ඉල්ලීමක් කර තිබුණා.

ඒ, සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු තංගල්ල රෝහලේ බාහිර රෝගියෙකු වශයෙන් ලියාපදිංචි කර වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති බවත්, ඉදිරියේ දී අවශ්‍ය වුණොත් වැඩිදුරත් ඖෂධ ලබාදිය හැකි බවයි.

ඊට අමතරව තමන්ට නිවසින් ආහාර පාන ලබා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබුණා..

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ආරක්ෂක හේතූන් මත එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බවයි.

මෙහිදී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබාදීමට ද අවසර ලබාදුන්නා.

ඉන් අනතුරුව නඩුව ලබන 26 වනදා කැඳවීමට ද නියම වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06