හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමේ සැලසුමක් (වීඩියෝ)

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට හම්බන්තොට පත් කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නා.

බස්නාහිර, නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළකළා.

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතේ, නැගෙනහිර පළාතේ මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ සංචාරක කලාප ආශ්‍රිත ක්‍රමෝපායික සංවර්ධන සැලසුම් සහ නාගරික සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණු අතර ඊට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව ද විමසා බැලුනා.

මොණරාගල ප්‍රදේශයේ පවතින අමතර ඉඩම් අක්කර දහස් ගණනක් ප්‍රයෝජනයට ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමේ සැලසුම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළා.

එමෙන්ම නාගරික තදබදය අවම කිරීම වෙනුවෙන් අවිස්සාවේල්ල සහ ඇහැළියගොඩ ඇතුළු ප්‍රදේශ සතු උපායමාර්ගික හැකියාවන් භාවිතයට ගනිමින් නව නගර සංවර්ධනය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම ඉලක්ක කර ගනිමින් උතුරු කොළඹ වරාය පුළුල් කිරීම සහ කාර්මික හා තොරතුරු තාක්ෂණ උද්‍යාන ඉදිකිරීමේ සැලසුම් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ප්‍රධාන ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.

ත්‍රිකුණාමල නගර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ආර්ථික වර්ධනය සහ කලාපීය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම උදෙසා ඉන්දු – ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29