spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හදිසි කාලගුණික වෙනස් වීම් නිසා ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

මේ වනවිට රට තුළ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම්වල බලපෑම නිසා අප රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දීයි අමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ.

පසුගිය දිනවල පැවැති දැඩි නියඟය හමුවේ වී වගා කළ අක්කර 70,000ක් පමණ විනාශ වී ඇති අතර දැනට පළාත් කිහිපයකට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා අස්වනු නෙලීමට ආසන්නව තිබූ අක්කර සිය ගණනක වී වගාව ද විනාශ වී තිබෙනවා.

එමෙන්ම පහතරට එළවළු වගාවන් ද මේ වනවිට වර්ෂාව නිසා විනාශ වී ගොස් ඇතැයි සඳහන්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කර තිබු අක්කර 15,000ක පමණ මුං ඇට වගාවන් ද මුළුමනින්ම විනාශව ගොස් ඇති අතර රටේ සමස්ත මුං ඇට අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ මෙම වගාව තුළින් ලබා ගැනීමට හැකිව පැවතුණා.

මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව අවධාරණය කළ අමාත්‍යවරයා හැකි පමණින් ගෙවතුවල එළවළු වගා කිරීමේ වැඩ පිළීවෙළක් හා මෙවර මහ කන්නයේ ආහාර බෝග වගා සැලැස්මක් වහාම ක්‍රියාත්මක කරන ලෙසටයි කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දෙනු ලැබුවේ.

එමෙන්ම කාලගුණික වෙනස්කම් නිසා ආහාර බෝග හානිය සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වහාම ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සකස් කරනු ලබන ආහාර බෝග වගා සැලැස්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසත්, මේ සඳහා තවත් ආයතන රැසක් සහභාගි කරවා ගැනීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නා.

දැනට පවතින වර්ෂාව සහික කාලගුනික තත්ත්වය මෙන්ම මීළඟ යල කන්නයේ දී නැවතත් නියඟය සහිත කාලගුණික තත්ත්වයක් එළඹිය හැකි බවට කාලගුණික අංශ විසින් අනාවැකි පළ කර ඇති නිසා මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට පශු සම්පත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරින් සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පා.ම.එස්.එම්.මරික්කාර් සහ හිටපු පා.ම.සුනිල් හදුන්නෙත්ති සහභාගීවන දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-26
01:04:20
Video thumbnail
පාර්ලිමේන්තුව උණුසුම් කළ දවසේ කතාව දේශබන්දු "පොලිස්පතිවරයෙක් එහෙම කනින් අල්ලලා එළියට දාන්න බෑ"
06:32
Video thumbnail
සජිත් ගහපු ගුරු සෙල්ෆිය...#sjb #sajithpremadasa
00:49
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වූ විවිධ වැඩසටහන්
03:18
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-26 | Dasatha News
33:30
Video thumbnail
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිතුමා කියවන්න ඕන වගන්තිය ගැන නීතිඥයන් කියයි
02:51
Video thumbnail
ජනාධිපතිවරණයේදී පළමු වතාවට ක්‍රියාත්මකවන නීතිය ගැන පැෆ්රල් සංවිධානය කියපු දේ
02:38
Video thumbnail
ඇප තැන්පත් කළ ජනාධිපති අපේක්ෂකයන්ගේ රට හදන කතා
03:10
Video thumbnail
"වෙනත් කිසිවෙකුගේ බලපෑමකට මැතිවරණ කොමිසම හිස නවන්නෙ නෑ"
06:19

?