සොත්ති උපාලි ගේ පුතු අත්අඩංගුවට

නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදික සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු පැමිණ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා පහර දි මුදල් මංකොල්ලකා ඇති බවටයි වාර්තා වන්නේ

සිද්ධියට අදාලව බොරැල්ල හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
.
තවදුරටත් තොරතුරු සොයා බැලීමේ දී මෙහි එක් සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වු දැනට මියගොස් සිටින සොත්ති උපාලි නමැති පුද්ගලයාගේ පුතෙකු වන බවට කරුණු අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?