සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම කල් යයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සමග ඉදිරිපත් කර තිබෙන ජයකි ද අල්විස් කොමිසමේ වාර්තාව නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර නොමැති බව නීතිඥ සුරේන් ඩි පෙරේරා විසින් අභියාචනාධිකරණයේදී පෙන්වා දුන්නා.

ඔහු පෙන්වා දුන්නේ මෙම වාර්තාව නිල වශයෙන් ප්‍රසිද්ධ කර නැතත්, උදය ගම්මන්පිල විසින් එම වාර්තාවයැයි කියමින් වාර්තාවක් ප්‍රසිද්ධ කර ඇති බවත් ඔහු එය තැපෑලෙන් ලැබුණායැයි ප්‍රකාශ කර තිබෙන බවයි.

රිට් පෙත්සමක් ගොනු කිරීමේදී යම්කිසි වාර්තාවක සැබෑ පිටපතක් හෝ සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කළ යුතු බව ඔහු සිහිපත් කර සිටියා.

අද දිනයේ කරුණු දැක්වීමෙන් පසු, නඩුවේ වැඩිදුර කරුණු සලකා බැලීම සැප්තැම්බර් 18 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල ඉදිරියේ අද දිනයේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිවයි.

2026 පෙබරවාරි 25 වන දින ඔහුව අත්අඩංගුවට ගනු ලැබු අතර දින 90 ක රැඳවුම් නියෝගයක්ද ඔහුට එරෙහිව නිකුත් කර තිබෙනවා.

පෙත්සම්කරු පවසන්නේ ප්‍රහාරය සහ ඊට අදාළ කුමන්ත්‍රණ සිදුවන සමයේ තමන් මැලේසියාවේ සහ ඉන්දියාවේ රාජකාරි හා අධ්‍යයන කටයුතු වල නිරත වී සිටි බවයි.

එමෙන්ම වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දේශපාලන සහ පෞද්ගලික පළිගැනීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවටද පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

ඊයේ දින අධිකරණයේ කරුණු දැක්වීම් අතරතුර පෙත්සමේ 6 වන වගඋත්තරකරු වන රොහාන් සිල්වා පියතුමා වෙනුවෙන් නීතීඥ සුරේන් ඩී පෙරේරා පෙනී සිටියා.

ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම්කරු සත්‍ය කරුණු පැවසීමට අපොහොසත් වී ඇති බැවින් මෙය විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කරන ලෙසයි.

පෙත්සම්කරු විසින් සිය නඩුකරය සමග ජයකි ද අල්විස් කොමිසමේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නා.

එහෙත් එම වාර්තාව නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව ඔහු පැවසු අතර එය හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කළ එකක් බවද ඔහු සඳහන් කළා.

අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ එහි ඡායා පිටපතක් පමණක් බව නීතිඥවරයා කියා සිටි අතර මෙය අභියාචනාධිකරණ රීතීන්ට පටහැනි බවත් එහි නෛතික තත්ත්වය පිළිබඳ ගැටලුවක් පවතින බවත් ඔහු අවධාරණය කළා.

තවදුරටත් කරුණු දැක්වූ නීතීඥ සුරේන් ඩී පෙරේරා මහතා පෙත්සම්කරු අත්අඩංගුවට ගත් හේතුව පිළිබඳවද පැහැදිලි කළා.

රොහාන් සිල්වා පියතුමා 2024 වසරේ කළ පැමිණිල්ල මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර නොමැති බව ඔහු පැවසුවා.

එසේම 2023 වසරේ චැනල් 4 නාලිකාවට අසාත් මවුලානා කළ ප්‍රකාශය මත පදනම්වද මෙය සිදු කර නොමැති බව ඔහු කියා සිටියා.

2026 වසරේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාධීන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බව ඔහු පෙන්වා දුන්නා.

එම විමර්ශන සඳහා ජනක් ද සිල්වා ජනාධිපති කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවල නිර්දේශ පදනම් කරගෙන ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

ඔහු ඉල්ලා සිටියේ වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කළ යුතු බවයි.

මීට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කියා සිටියේ ඒ සඳහා විරෝධයක් නොමැති බවයි.

නමුත් පෙත්සම මඟින් ඉල්ලා ඇති සහන කිසිසේත්ම වෙනස් නොකළ යුතු බවට ඇය කොන්දේසියක් පැනවුවා.

එසේ සහන වෙනස් කළහොත් ඊට අදාළව විරෝධතා ගොනු කරන බවද ඇය අධිකරණයට දන්වා සිටියා.

මෙම සියලු කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සමේ වැඩිදුර කටයුතු සැප්තැම්බර් 18 වැනිදා දක්වා කල් තැබුවා.

එදිනට පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන විසින් සිය නැවත පිළිතුරු දේශන සිදු කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආරක්ෂකයින් පිරිවරාගෙන සජිත් උද්ඝෝෂණයෙන් පිටව ගිය හැටි - පොරකකා සජිත් එක්ක Selfie ගහයි
01:54
Video thumbnail
මහ සෙනඟ මැද සජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - අනුරව අපි ජන බලයෙන් ගෙදර යවනවමයි
10:43
Video thumbnail
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..සජබය දෙවනත් කරයි - සෙනඟ මැදින් සජිත් එයි
02:40
Video thumbnail
සෙනඟ මැදින්, ප්‍රියංකරට සමුදෙන්න ආ විපක්ෂ නායක සජිත් - මගේ තාත්තාට උපරිම සහයෝගය දුන්නා
03:06
Video thumbnail
සලේගේ නඩුව ගැන රොහාන් ද සිල්වා පියතුමා හෙළිකළ දේ - අපිට සැකයි හිතාමතා පරක්කු කරනවද කියලා
04:41
Video thumbnail
නීතිඥයින් අටමස්ථානාධිපති බැහැ දකින්න යයි - අපි නීතීඥවරු හැටියට නීතියට ගරු කරනවා
13:10
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39
Video thumbnail
මින්නේරියේ අලි සෙල්ලම් බලන්න ආ ජපන් ජාතිකයින් - සෆාරි කැබ් 45කින් ඇවිත්
04:39
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42