සුනඛ ගැටලුව දුරදිග ගිහින් පුද්ගල ඝාතනයක්

තෙලිකඩ ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

සුනඛයෙකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (01) මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තෙලිකඩ, ගිණිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස පිහිටි ඉඩමට අසල්වැසි නිවසේ සුනඛයා පැමිණීම හේතුවෙන් ආරවුලක් ඇතිව තිබෙනවා.

එම ආරවුල දුරදිග යාමෙන් සුනඛයාගේ අයිතිකරු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පහර කෑමට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධ සැකකරු ඇතුළු තවත් අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (02) කරාපිටය රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09