“සුනඛයෙකුගේ ඉව ඔස්සේ ගොස් කොළ ගොඩක් යටින් හමුවූ සුරූපී සබීනා”

එංගලන්තයේ ලන්ඩන් නුවරදී පසුගිය සති අන්තයේ අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ 28 හැවිරිදි ගුරුවරියක ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඇගේ ඝාතන පුවත අසා කම්පාවට පත්වූ බව කේට් කුමරියද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

සබීනා නෙසා නමැති ලන්ඩනයේ ප්‍රාථමික පාසලක ඉගැන්වූ මෙකී ගුරුවරිය මිතුරියක හමුවීම සඳහා ඇගේ නිවසේ සිට මිනිත්තු 5 න් ගමන් කළ හැකි දුරක ගිනිකොණදිග ලන්ඩනයේ සමාජ ශාලාවකට 17 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිවසින් පිටව ගොස් තිබුණා.

නමුත් ඇය සමාජ ශාලාවට ගොස් තිබුනේ හෝ යළි නිවසට පැමිණ තිබුනේ හෝ නැති බව නිවැසියන් දන්වා තිබු පසු ඇයව සොයාගැනීමට ඔවුන් වෙහෙසුණ අතර ඇගේ සිරුර හමුවූයේ 18 සිකුරාදා සවස වන්ස්පේස් ගොඩනැගිල්ල අසලදී සුනඛයෙකුගේ ඉව ඔස්සේ කොළ ගොඩක් යට සඟවා තිබියදීයි. 

ඇයට පහරදීමක් සිදු කර ඇති බවට සලකුණු දක්නට තිබු අතර විදෙස් වාර්තා පවසන්නේ ඇය පයින් ගමන් කළ මාර්ගය උද්‍යානයක් හරහා දිවෙන බවත් එහිදී මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි. ඝාතනය සම්බන්ධ පොලිස් පරීක්ෂණ අනුව සිද්ධියවූ දිනයේ ආශ්‍රිතව ගැවසුණ 38 හැවිරිදි අයෙකු හා 40 හැවිරිදි අයෙකුගේ සැක සහිත හැසිරීම් නිසා අත්අඩංගුවට පත්වූ නමුත් ඔවුන්ගෙන් කට උත්තර ලබා ගැනීමේදී මෙම ඝාතනය හා සම්බන්ධයක් ගළපා ගත නොහැකි වූයෙන් ඔවුන් දෙන්නාවම නිදහස් කර යැවීමට පොලිසියට සිදුව තිබෙනවා.

අනතුරුව තවත් සැක සහිත අයෙකු සිටින බවටත් එම තැනැත්තා හඳුනාගැනීමට සහය වන ලෙසත් සී.සී.ටී.වී විඩියෝවක් ඔස්සේ පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුණා.

මෙම සීසීටීවී වාර්තා ප්‍රසිද්ධ කිරීමෙන් පසු ලැබුණ ඔත්තු අනුව 26 ඉරිදා උදෑසන එකී වීඩියෝවේ සිටින පුද්ගලයා නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තයෙන් අල්ලාගත් බව පොලිසිය පවසනවා. ඔහු 38 හැවිරිදි අයෙකු බවත් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇති බවත් විදෙස් වාර්තා වල සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් කේට් කුමරිය ද twitter පණිවිඩයක් නිකුත් කර තිබුණා. ”I am saddened by the loss of another innocent young woman on our streets. My thoughts are with Sabina’s family and friends, and all those who have been affected by this tragic event. ” 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32