සියලුම මගී ප්‍රවාහන රථවලට මාස 03කට වරක් තත්ත්ව පරීක්ෂණයක් අනිවාර්ය කිරීමට යයි

මගී ප්‍රවාහනය කරන සියලුම වාහන මාස තුනකට වරක් තත්ත්ව පරීක්ෂණයකට කටයුතු කිරීම ඉදිරියේ දී අනිවාර්ය කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අද (09)ම පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉතා අවම මුදලකින් මෙම පරීක්ෂණය සිදුකර ගත හැකි පරිදි කටයුතු සකසන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

ඒ, අනුව මගී ප්‍රවනය කරන බස් රථ, පාසල් ළමුන් ප්‍රවාහන කරන වෑන් රථ, කාර්යාල සේවක ප්‍රවාහන රථ වැනි සියලුම මගී ප්‍රවාහනය වාහන මෙම තත්ත්ව පරීක්ෂණය සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රවල ලකුණු කැපීමේ (Demerit System) නව ක්‍රමවේදය ලබන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මෙම ලකුණු කැපීමේ ක්‍රමවේදයෙන් තොරව රියදුරන් තුළ විනයක් ඇති කළ නොහැකි බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.

  1. Is it like your fitness and emmition test.. who is doing fitness test? Yoy should not take your vehicle to the fitness pit All priwart guys doing it . Now how is our emmition test. Are they doing it correctly.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56