සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සංගීතය, නැටුම් හා නාට්‍ය හා රංග කලාව යන විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වෙන දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලබන අගෝස්තු මස 2 වනදා සිට 12 වනදා දක්වා අදාළ විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 1355ක දී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ඒ සඳහා විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අයදුම්කරුවන්ට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා සිදු වූ ප්‍රමාදය ක්‍රමානුකූලව යථා තත්වයට පත් කරමින් 2024 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එසේ ම 2024 වසරට අදාළව පහේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග තුන ම 2024 වර්ෂය තුළ දී ම පවත්වා අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය වසරට සාපේක්ෂ ව ඉදිරියට පියවරක් තබමින් 2024 වර්ෂයට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළා.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව දැනටමත් පෙළ පොත් මුද්‍රණය අරඹා ඇති අතර පෞද්ගලික අංශයට ඉදිරි මාසයේ ටෙන්ඩර් කැඳවා අදාළ පෙළපොත්වල මුද්‍රණ කටයුතු භාර දෙන බවත් 2023 වසරේ නොවැම්බර් මාසය වන විට එම පෙළපොත් මුද්‍රණය කර අවසන් වීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුහල්පතිවරුන්ට පාසල් මූල්‍ය හා කාර්යාලයීය පරිපාලන කටයුතු පහසුවෙන් කළමනාකරණය කරගැනීමට ඉවහල් වන පරිදි සංවර්ධන නිලධාරීන්ගෙන් සමන්විත නව සේවාවක් ආරම්භ කරන බවයි.

ඒ අනුව දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් දොළොස්දහසක පමණ පිරිසක් නව සේවා ව්‍යවස්ථාවක් සහිත කාර්ය මණ්ඩලයක් ලෙස පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව සලකා බලා පත් කරන බවත් හෙතෙම ප්‍රකාශ කළා.

එසේ ම පාසල්වල ජල හා විදුලි බිල් සඳහා ඉදිරි අයවැය මගින් යම් සහනයක් සලසා ගැනීමට ද මැදිහත් වී ක්‍රියා කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18