ස්ථාන හතරකින් නාඳුනන මළ සිරුරු හමුවේ

කුරුවිට, පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ තිබී නිරුවත් මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා.

ඊයේ (24) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මෙලෙස මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නැහැ.

පොලිසිය පවසන්නේ මියගොස් ඇති පුදගලයා වයස අවුරුදු 35-40ත් අතර වයසේ පසුවන අයෙකු බවයි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා රත්නපුර රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට මියයන්න ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මේ අතර තවත් නාඳුනන මළ සිරුරක් ඊයේ (24) උදෑසන පෑලියගොඩ – හතරේ කණුව සහ පට්ටිය හංදිය අතර ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ පුද්ගලයා දුම්රියේ ගැටී මියයන්නට ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35ක පමණ වන පුද්ගලයෙක් වන අතර, අවසන්වරට කළු සහ සුදු ටී ෂර්ට් එකක් සහ කළු දිය බොටම් කලිසමක් ඇඳ සිටි බවයි පොලිසිය පැවසුවේ.

ඔහුගේ දකුණු අතේ වැලමිටෙන් පහළ පච්ච කොටා ඇති බව ද පොලිසිය සඳහන් කළා.

මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.

මේ අතර මාරවිල, ජයලත්ගම ප්‍රදේශයේ වඟුරු බිමක තිබී නිරුවත් නාඳුනන මළ සිරුරක් ඊයේ (24) දින සොයාගත් බව මාරවිල පොලිසිය සඳහන් කළා.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 55ත් 60ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

මේ අතර පසුගිය 23 වනදා රාත්‍රියේ රාගම – කඩවත මාර්ගයේ රෝහල් වටරවුම ප්‍රදේශයේ පුද්ගලික ආයතයක් ඉරිදිපිට පඩිපෙළක තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මාරකකරුගේ වයස අවුරුදු 60ත් 65ත් අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

එම පුද්ගලයා අවසන් වරට අළු පැහැති සරමක් සහ කළු පැහැති අත්කොට ෂර්ට් එකක් ඇඳ සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත ශරීරය මේ වනවිට රාගම රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !