සලේට සහාය පළකර සත්‍යග්‍රහය තාවකාලිකව අවසන්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික අයුරින් සැළකීමට විරෝධය පළකරමින් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී පසුගිය (08) වනදා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේ සලේ අත්අඩංගුවේ දී වද හිංසාවලට භාජනය වී තිබේදැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට කළ නියෝගයත් සමඟ මෙම සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
63
+1
2
+1
3
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted