කැබැල්ලෑවෙකුට පහර දී මරාදමන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.
පාසල් සිසුවෙකු පාසලට රැගෙන ආ ජංගම දුරකථනයක් ගුරුවරයෙකු විසින් පරීක්ෂා කිරීමේදී මෙම වීඩියෝ දර්ශන හමුවී ඇති අතර, ඒ පිළිබඳව අනාවරණය වීමත් සමඟ මැදිරිගිරිය පොලිසිය සහ මැදිරිගිරිය වනජීවී නිලධාරීන් වහාම විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.
ඒ, අනුව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින්ගේ නිවාස සහ තවත් සැකකටයුතු ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී වැඩිහිටි පුද්ගලයෙක් සහ බාලවයස්කරුවෙකු පොලිස් භාරයට ගැනීමට හැකිව තිබෙනවා.
කැබැල්ලෑවා මරා දැමූ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු මේ වන විට සැඟව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ වනජීවී නිලධාරීන් විමර්ශන සිදුකරනවා.
මැදිරිගිරිය පොලිසිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.










