Fly high Get bonus Aviator Phone

සභාව මැදට පැනපු දෙදෙනෙක් නිසා ඉන්දීය පාර්ලිමේන්තුව නොසන්සුන්

ඉන්දීය පාර්ලිමේන්තු සභා ගර්භය තුළට ඇතුලු වූ පුද්ගලයන් දෙදෙනෙකු සටන් පාඨ කියමින් සිදු කළ විරෝධතාවක් හේතුවෙන් නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

මහජන ගැලරියේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස සභා ගර්භයට කඩාවැදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයන් දෙදෙනෙකු සභා ගර්භය තුළට ඇතුළු වී, සටන් පාඨ කියමින් සහ වර්ණ දුම් (smoke canister) ඉසීමෙන් පසු ඉන්දීය පාර්ලිමේන්තුව අවුල් සහගත වී තිබුණා.

මන්ත්‍රීවරුන් සහ ආරක්ෂක නිලධාරීන් අනවසරයෙන් ඇතුළු වූ එක් අයෙක් අල්ලා ගැනීමට උත්සාහ කරන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 22 වැනි සංවත්සරයේදී මෙම ආරක්ෂක බිඳවැටීම සිදු වී තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා අමුත්තන්ගේ ගැලරියේ සිට සභාවට පැන ඇති බව සඳහන්. කෙසේවෙතත් ඔවුන්ගේ අරමුණ මෙතෙක් පැහැදිලි වී නැහැ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභා පාර්ලිමේන්තු මන්ත්‍රී සැසිවාරයේදී මෙම සිද්ධිය සිදුව තිබෙනවා. සැසිවාරය නැවත ආරම්භ වීමට පෙර සභා දෙකම කෙටි කාලයකට අත්හිටුවූ බවයි වාර්තා වන්නේ.

“අපි මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතර පරීක්ෂණයට සම්බන්ධ වන ලෙස දිල්ලි පොලිසියට දන්වා ඇත,” ලෝක් සභා කථානායක ඕම් බිර්ලා පැවසීය. මූලික විමර්ශනයට අනුව සභාවේ ඉසින ලද දුමාරය හානිකර නොවන බව පෙනී ගිය බව ද කථානායකවරයා කියාසිටියා.

තවත් පිරිමියෙකු සහ කාන්තාවක් පාර්ලිමේන්තුවෙන් පිටත වර්ණ ගෑස් කැනිස්ටර් ගසා විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේ 22 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ මෙම සිදුවීම වාර්තාවීම විශේෂත්වයක්.

2001 දී පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයෙන් ප්‍රහාරකයින් පස් දෙනෙකු ඇතුළු 14 දෙනෙකු මිය ගියා.

එම ප්‍රහාරයෙන් මියගිය අයට ජනාධිපති ද්‍රෞපදි මුර්මු, අගමැති නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් නායකයින් අද උපහාර දක්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට සල්ලි දෙන්න අපිට පිස්සුද කියන්නකෝ - බිමල් කැට තියලා කියන කතාව
05:55
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?