Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සජිත්ගේ බැතිබර දායකත්වයෙන් කාවන්තිස්සගේ මාසික මතකාවර්ජනය හෙට

මෙලොව හැරගිය කාවන්තිස්ස ඇතුට පිං පැමිණවීමේ අරමුණෙන් සිදු කෙරෙන මාසික මතකාවර්ජනය හෙට (16) සහා අනිද්දා (17) දෙදින තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දායකත්වයෙන් පැවැත්වෙනවා.

ඒ, ගල්ගමුව, බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේ දී යි.

හෙට (16) සවස 7.00ට ධර්ම දේශනාව පැවැත්වෙන අතර, අනිද්දා දිනයේදී දහවල් දානය පැවැත්වෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

සියඹලන්ගමුව ප්‍රදේශයේ වෙල් යායක වැටී සිටියදී වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම් විසින් ප්‍රතිකාර කරමින් සිටින අතරතුර පසුගිය සැප්තැම්බර් මස 16 වැනිදා කාවන්තිස්ස ඇතා මෙලොව හැර ගියා.

කාවන්තිස්ස ඇතා සැලකෙන්නේ ශ්‍රී ලාංකේය ඇත් පරපුරේ මහ ඇතු ලෙසයි.