සජබයේ පිරිසක් ඉදිරියේ දී තීරණයක් ගනීවි – ඇමති හරීන් විශ්වාසයෙන්

ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණයත් සමඟ, සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේ දී තීරණයක් ගනු ඇති බවට විශ්වාසයක් ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ගාල්ල, කබලාන ප්‍රදේශයේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතර තුර අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වෙනත් මැතිවරණ නොව මීළඟට අවශ්‍යවන්නේ ජනාධිපතිවරණයක් බවයි.

මේ අතර එළඹෙන අප්‍රේල් මාසයේ දී චීන සංචාරකයින්ගේ පැමිණීම ආරම්භවීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීමක් බලාපොරොත්තු විය හැකි බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?