සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘වැලිගම සහන්’ ගුවන්තොටේදී අත්අඩංගුවට (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හික්කඩුව ලියනගේ සහන් සිසිකැලුම් නොහොත් ‘මිදිගම සහන්’ නැමැත්තා ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

32 හැවිරිදි මොහු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහු මාතර සහ පානදුර පොලිස් බල ප්‍රදේශ තුළ මිනීමැරුම් , මංකොල්ලකෑම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති සංවිධානාත්මක අපරාධකරුවෙක් වනවා.

එමෙන්ම මොහු වනවිට අත්අඩංගුවේ සිටින හරක්කටාගේ ගෝලයෙකුවන අතර ‘මිදිගම චූටි’ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ද සමීපතමයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1173 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

වැඩිදුර විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා සැකකරු කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

1 4
2 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47