සංගක්කර පවුලේ සාමාජිකයන්ට අයර්ලන්තයේදී ඇබැද්දියක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කර සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) ගුවන්තොටුපොළේදී මුහුණදීමට සිදුවූ බව කියන කනගාටුදායක සිද්ධියක් සම්බන්ධයෙන් කුමාර් සංගක්කර විසින් සිය X සමාජ මාධ්‍ය ගිණුම වෙත සටහනක් එක්කර තිබෙනවා.

අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) ගුවන්තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය (Gate personnel) තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට තර්ජනාත්මක අන්දමින් හැසිරුණු බවයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පෙන්වා දෙන්නේ.

එහිදී අදාළ කාර්ය මණ්ඩල නිලධාරීන් ඔවුන්ව ආමන්ත්‍රණය කළ ආකාරය සහ ඔවුන් ඉදිරියේ හැසිරුණු ආකාරය තර්ජනාත්මක වූ බවත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් කුමාර් සංගක්කාර විසින් ඉස්ය සටහනේ සඳහන් කර තිබෙනවා.

කුමාර් සංගක්කාර තැබූ X සටහනේ උපුටා ගැනීම පහතින්,

”ඩබ්ලින් (Dublin) හිදී @Ryanair ගුවන් සේවයේ දොරටු අසල රාජකාරි කරන කාර්ය මණ්ඩලයෙන් වෙනස් කොට සැලකීම්වලට (විශේෂයෙන් අසාධාරණ ලෙස සැලකීම්වලට) ලක්වූ වෙනත් අය සිටිනවාද? මම මගේ පවුලේ අය සමඟ ගමන් කරන විට මට එවැනි අත්දැකීමක් ලැබුණු අතර, එය ඇත්තෙන්ම කම්පනයට කරුණක් වුණා. ඔවුන් කතා කළ ආකාරය, ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමේදී සිදු වූ වැරදි සහ තර්ජනාත්මක හැසිරීම් කිසිසේත්ම පිළිගත නොහැකිය. ඕනෑම මගියෙකුට මෙවැනි දෙයක් සිදුවීම කිසිසේත්ම අනුමත කළ නොහැක. ඩබ්ලින් හිදී මට ලැබුණු පළමු නරක අත්දැකීම මෙයයි.”

Screenshot 2026 10 29 091214