ශ්‍රී ලංකා පොලිසිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දීපාවලී උත්සව සැමරීම මෙවර බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදී පැවැත්වුණා.
අමාත්යතවරුන් වන මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ධීවර කටයුතු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු අමාත්‍යවරුන් මෙම අවස්ථාවට ආරාධිතයන් සහභාගිවුණා.
එම අවස්ථාවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ,මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා,
බම්බලපිටිය කදිරේෂන් කෝවිලේ ප්‍රධාන කුරුක්කල් වරුන් මෙහිදී ආගමික වතාවක් සිදු කළා.
හින්දු සංස්කෘතික අංග කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් කළා.
