ශර්මා සිය විශ්‍රාම ගැනීම පිළිබඳ නිහඬතාවය බිඳ දමයි

2025 චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණය කළ ඉන්දීය නායක රෝහිත් ශර්මා සිය විශ්‍රාම ගැනීම පිළිබඳව නිහඬතාවය බිඳ දමා තිබෙනවා.

අවසන් මහා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ශර්මා සඳහන් කළේ තවමන් එක්දින ආකෘතියෙන් විශ්‍රාම යාමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

“මම මේ ආකෘතියෙන් විශ්‍රාම යන්නේ නැහැ. ඉදිරියට යන විට කිසිදු කටකතාවක් පැතිර නොයන බවට වග බලා ගැනීම සඳහා මේ දේ, අනාගත සැලැස්මක් නෑ , සිදුවන ඕනෑම දෙයක් එලෙසම පවතීවි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී පැවසුවා.

ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයට පෙර රෝහිත් ෂර්මාගේ අනාගතය පිළිබඳව විශාල කතාබහක් ඇතිව තිබුණා.

එහිදී බොහෝ පිරිසක් සඳහන් කළේ චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයෙන් පසු ඔහු එක්දින ආකෘතියෙන් විශ්‍රාම යනු ඇති බවයි.

ඇතැමුන් සඳහන් කළේ ශර්මා ඉන්දීය නායකත්වය තරුණ ක්‍රීඩකයෙකුට පවරා ඔහු පිතිකරුවෙකු ලෙස කණ්ඩායම තුළ රැඳී සිටිනු ඇති බවයි.

ඩුබායි හි ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟයේ දී නවසීලන්තයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් රෝහිත් ෂර්මා ICC ඉසව්වක අවසන් තරඟයක දී ඔහුගේ පළමු අර්ධ ශතකය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16