වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට අධිකරණ නියෝගයක්

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි.

එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?