වෛද්‍ය විද්‍යාව සඳහාවන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙක් අතරේ බෙදෙයි

2026 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ‘ඔප්ටොජෙනෙටික්ස්’ (optogenetics) තාක්ෂණය වෙනුවෙන් පිරිනමා තිබෙනවා.

මෙය ජීවමාන මොළයක් තුළ ස්නායු සෛල මගින් මතකයන්, හැඟීම් සහ හැසිරීම් හැඩගස්වන ආකාරය පෙන්වා දීමට ඉඩ සලසන ක්‍රමවේදයක්.

ඒ, අනුව කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාග ‘ඔප්ටොජෙනෙටික්ස්’ (optogenetics) තාක්ෂණය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ කාල් ඩයිසෙරොත්, පීටර් හෙගමන් සහ ජෝර්ජ් නාගල් යන විද්‍යාඥයින්ට පිරිනමා තිබෙනවා.

පීටර් හෙගමන් සහ ජෝර්ජ් නාගල් විසින් ඒක-සෛලීය ඇල්ගී වර්ගයක් තුළ ‘චැනල්රොඩොප්සින්’ (channelrhodopsin) නම් සුවිශේෂී ප්‍රෝටීනයක් සොයා ගත් අතර, කාල් ඩයිසෙරොත් විසින් එම ප්‍රෝටීනය ස්නායු සෛල සඳහා ආලෝකය මගින් පාලනය කළ හැකි ස්විචයක් බවට පරිවර්තනය කරන කරමින් ස්නායු විද්‍යාව තුළ නව යුගයකට අඩිතාලම දමනු ලැබුවා.