විවාහ යුවළ 468ක් ගැන ඉන්දීය ප්‍රාන්ත රජයක් ගත් තීරණය

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ පැවති සමූහ විවාහ මංගල උත්සවයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.

එහිදී යුවළ 468ක් විවාහ දිවියට එළඹ තිබුණි.

මෙය සංවිධාන කර තිබුණේ ඉන්දියාවේ උත්තර් ප්‍රාන්ත රජය විසිනි. 

ඔවුන් විවිධ ආගම්වලට අයත් හා විවිධ පවුල් පසුබිමින් යුත් අය බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

නව යුවළට උත්තර් ප්‍රාන්ත රජය ඉන්දීය රුපියල් 35,000ක මුදල් ප්‍රදානයක් ලබා දුන් බව සඳහන් වේ.

එම මුදල් තැන්පත් කර තිබුණේ මනාලියගේ බැංකු ගිණුමටය.

ඊට අමතරව ඉන්දීය රුපියල් දසදහසක් වටිනා ත්‍යාගයන්ද පිරිනමා තිබුණි.

විවාහ උත්සවයේ මුළු පිරිවැය දරුවේ ද උත්තර් ප්‍රාන්ත රජය විසිනි.

ඉන්දියාව තුළ මේ වනවිට සමූහ විවාහ උත්සව ජනප්‍රිය වෙමින් පවති.

විශේෂයෙන් ආර්ථිකය ශක්තිමත් නොමැති පිරිස් අතර මේ ක්‍රමය වඩාත් ජනප්‍රිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විවාහ උත්සවය සඳහා යන වියදමට අමතරව දායාද ලබාදීමටත් සිදුවීම හේතුවෙන් අපහසුතාවට පත්වන තරුණියන්ගේ පියවරුන්ට මේ ක්‍රමය සහනයක් ගෙන දී ඇති බවද ඉන්දීය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14