spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහ මංගල ඇතුළු කේෂ්ත්‍ර කිහිපයකට පැනවූ සීමා ඉවත් කිරීමට සැලසුමක්

මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි අද සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙයට පෙර 25% ක්, 50% ක් ආදී වශයෙන් මෙම ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් එළඹෙන සිකුරාදා ජනාධිපතිතුමන් හා සාකච්ඡා කර විවෘත කෙරෙන ක්ෂේත්‍රයන්හි කුමන සීමාවන් තුළ සිට ක්‍රියාත්මක කළ යුතුද යන්න තීරණය කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

විශේෂයෙන් මෙම ක්ෂේත්‍ර විවෘත කළද මුව ආවරණ පැළඳීම , පූර්ණ එන්නත්කරණය ලබා තිබීම , දුරස්ථභාවය ආදී කරුණූ අවධානයට ගතයුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ක්ෂේත්‍ර ක්‍රියාත්මක කරන පිරිස් හා ඒ සඳහා එක්වන පුරවැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවුවහොත් යළි මේ සම්බන්ධයෙන් යම් යම් දැඩි තීන්දු ගැනීමට සිදු වන බවයි කියා සිටියේ.

කොවිඩ් ව්‍යසනය තුළ රට සාමාන්‍යකරණය කරා ගෙන යාමේදී දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යා යුතු බවත් එහිදී ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කෙටිකාලීන වැඩපිළිවෙලවල් වලට නොයන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?