විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා අවශ්‍යය බව කතෝලික රදගුරු සමුළුව කියයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමුළුව මේ බව පවසා තිබෙනවා.

අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ කලාපීය ක්‍රියාකාරීත්වය හේතුවෙන් පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගත හැකි බව පවසමින් විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය සුරැකීම අතිශය වැදගත් බවයි එම නිවේදනය මඟින් කතෝලික රදගුරු සමුළුව වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03