විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, අනුව ලබන 18 වනදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසන්නේ.
මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර, ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක විරෝධය එල්ල වී තිබෙනවා.
මෙවැනි තත්ත්වයක ආණ්ඩුව විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 07 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළා.
මේ අතර මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි දින 14ක කාලසීමාවක් හිමිවනවා.
එම පෙත්සම විභාග කර දින තුනත් 21ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දැනුම්දිය යුතු වනවා.













