විදුලිය කැපුවොත් ජනතාව තවත් අර්බුදයක පැටලෙන ලකුණු

විදුලිය විසන්ධි කළහොත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අප කළ විමසීමකදී එහි අතිරේක සාමාන්‍යධිකාරී (බස්නාහිර පළාත) ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ දුරට එම තත්ත්වය උද්ගත විය හැකි බව ය.

ඇතැම් ජල සැපයුම් මධ්‍යස්ථානවල විදුලි ජනන යන්ත්‍ර නොමැති වීම ඊට හේතුව බව ඔහු පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, විදුලි බල මණ්ඩලයෙන් සෘජුව විදුලිය ලැබෙන සහ විදුලි ජනන යන්ත්‍ර ඇති අඹතලේ, බියගම, කඳන, කෙත්හේන, මොරටුව සහ දෙහිවල ආදී ජල සැපයුම් මධ්‍යස්ථානවලින් ජලය ලබා ගන්නා ප්‍රධාන නගරවලට ඉන් බලපෑමක් නොවනු ඇතැයි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.  

ඔහු සඳහන් කළේ, එලෙස ජල සැපයුමට බාධා ඇති වන්නේ විදුලිය විසන්ධි කරන කාල සීමාව තුළ පමණක් බව ය.

පවතින වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා එල්ල වන්නේ ද? අප යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මේ වන විට එවැනි තත්ත්වයක් උද්ගත වී නොමැති බව ය.

එසේ වුව වුව ද පවතින තත්ත්වය හමුවේ, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

එමෙන් ම, ජල කාන්දු සම්බන්ධයෙන් දැනුම් දීමට 1939 අංකය හඳුන්වා දී ඇති බව ත් ඒ සඳහා දුරකතන ගාස්තු අය නොකරන බව ත් ඒ මහතා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ඕනෑ ම ස්ථානයක ජල කාන්දුවක් සිදු වන්නේ නම්, තමන් ජල පාරිභෝගිකයෙකු නොවුණ ද ඒ පිළිබඳව අදාළ අංකය ඔස්සේ දැනුම් දී ජලය සුරැකීමට දායක වන ලෙස ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43