විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව ගැන දැනුවත් කිරීමේ අභ්‍යාසයක් (ඡායාරූප)

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් අද ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear – CBRN) මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවයට විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර, මෙවැනි රසායනික සංයෝගයන්ගෙන් සිදුවන උපද්‍රව මැඩපවත්වාගැනීම සඳහා අදාළ පාර්ශවයන් නිරන්තර අවධානයෙන් සහ සූදානමින් සිටීම අත්‍යවශ්‍ය බවයි නාවික හමුදාව කියාසිටියේ.

ඒ අනුව, නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධාන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මඟින් රසායනික උපද්‍රව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම පුහුණුව සඳහා සහභාගී වූ පාර්ශ්වකරුවන් වෙත ලබාදීම සිදු කර තිබෙනවා.

මෙහි න්‍යායික පුහුණු සැසිය තුළදී රසායනික උපද්‍රවයන් අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණා.

එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාළ ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝගයන් ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ අභ්‍යාස සාර්ථකව සිදු වූ බව සඳහන්.

මෙම පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ‍පොලිසිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ලංකා ධීවර වරාය සංස්ථාව, ප්‍රීමා සමාගම, ටෝකියෝ සිමෙන්ති සමාගම, ඕෂන් පික් සමාගම, ත්‍රිකුණාමලය ගිනි නිවිමේ ඒකකය සහ ඉන්දියානු ඔයිල් සමාගම යන පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියා.

රසායනික ආපදාවක් කළමණාකරණය කිරීමේදී සියළුම පාර්ශවයන් හා සංවිධාන අතර සම්බන්ධීකරණය සහ සහයෝගීත්වය මෙහිදී නාවික හමුදාව විසින් අවධාරණය කරනු ලැබුවා.

මෙවැනි අභ්‍යාස මඟින් පාර්ශවකරුවන් අතර වැඩිදියුණු වන හවුල්කාරීත්වය සහ සහයෝගීත්වය තුළින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික ආපදාවන් සාර්ථකව කළමණාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57