වාහන රඳවාගැනීමට රේගුව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර පාර්ශව කියයි

රටින් බැහැරව බැංකු ණයවර ලිපි විවෘත කර මෙරටට ආනයනය කිරීමේ හේතුව මත ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන 35% ක අධිභාරයක් පනවා මුදා හැරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු අභියාචනාධිකරණය හමුවේ විරෝධය පළකර තිබෙනවා.

මෙම කරුණට අදාළව වාහන ආනයනකරුවන් කිහිපදෙනෙක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ මෙම විරෝධය පළ කළා.

ඊට අමතරව තවත් ආනයනකරුවන් කිහිපදෙනෙක් වෙනූවෙන් පෙනීසිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරුද මෙම යෝජනාවට විරෝධය පළකර සිටියා.

එම ජනාධිපති නීතිඥවරු ද සඳහන් කළේ අදාළ වාහන රඳවාගැනීමට රේගුව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශව කිහිපයක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අධිභාරයක් පනවනු ලැබූවොත් ඒ තුළින් වාහනයේ මිල ඉක්මවා යන තත්ත්වයක් උද්ගත වන බවත් සඳහන් කළා.

ඇපකරයක් මත වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් ද දැඩි විරෝධය පළකළ ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කරුවන් අධිකරණයට ලබාදෙන පොරොන්දුවක් මත එම වාහන මුදාහැරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කරනු ලැබුවා.

මෙම පෙත්සම් පෙරේදා (30) කැඳවූ අවස්ථාවේදී විනිසුරුමඬුල්ල විසින් ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට දැනුම් දුන්නේ මෙසේ රඳවාගෙන සිටින වාහන “සමාගම් ඇපකරයක්” හෝ “පෞද්ගලික ඇපකරයක්” හෝ අධිකරණයට ලබාදෙන කිසියම් ප්‍රතිඥාවක් මත මුදා හැරීමට හැකියාව තිබේදැයි සොයා බලන ලෙසයි.

එවැනි පදනමක් යටතේ අදාළ වාහන මුදා හැරීමට තිබෙන හැකියාව පිළිබඳව ඔක්තෝබර් මස 10 වැනිදා අධිකරණයට දැනුම්දෙන ලෙසත් විනිසුරුමඬුල්ල විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට කළ නියෝගයේ සඳහන්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58