වාහනයේ තනියම යාමටත් තහනමක් ? දයාසිරි ගෙන් අලුත් යෝජනාවක්

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, කුරුණෑගල අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී ඔහු කියා සිටියේ මාර්ගයක ගමන් කරන වාහනයක අවම තරමින් තිදෙනෙකු හෝ ගමන් කළ යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

 “මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල ඉන්ධන ප්‍රමාණයක් පිච්චෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනා කල්පනා කළ යුත්තේ වාහන ගෙන්වන එක නෙමෙයි තියෙන වාහනත් පාවිච්චි කරන්න පාරට දාන්න කලින් දෙපාරක් අපි කල්පනා කළ යුතුයි. හැම මාසෙකම ඩොලර් මිලියන 500ක් යනවා වාහන වලට අවශ්‍ය කරන තෙල් ටික ගෙන්න ලංකාවට. ඒ ඩොලර් මිලියන 500 හොයා ගන්න බැරුව ලෝකේ රටවල් වලට ණයකාරයෝ බවට පත්වෙලා තියෙන්නේ. ඉදිරියේදී මිට වඩා දරුණු තත්ත්වයකට අපි පත්වෙයි. අනාගතයේදී මට හිතෙන්නේ නෑ කිරිපිටි ටිකවත් ගෙන්න වාතාවරණයක් එයි කියලා” රාජ්‍ය අමාත්‍ය දයාසීරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කර සිටියා.

  1. හොද යෝජනාවක්, හැබැයි 225 පවුල වල අයටත් එක්කම මේක දැම්මනම් නියමයි. කාලෝචිත යෝජනාවක්

  2. මරි මෝඩ යෝජනා ගේන්න එපා.
    මිනිසුන්ගෙ ස්වාධීනත්වය,පෞද්ගලිකත්වය නැතිකරන යෝජනා ගෙන්න හදන්නෙපා.
    ඔබගේ බ්රිඳ පාරෙ ඉන්න අයව වාහන්ෆ නග්ගගෙන යනවද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28