වසර පහක ප්‍රේම සම්බන්ධය යකඩ යකා නිම කරයි (වීඩියෝ)

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටි තරුණියක් (09) දින උදැසන ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචි කනපති අනුෂා දර්ශනි නැමති (28) හැවිරිදි තරුණියයි.

මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන බවත්, වසර පහක කාලයක් හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, (09) දින උදැසන සේවා ස්ථානය වෙත පැමිණි තරුණිය තමන් හමුවිමට පෙම්වතාට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දි ඇති බවත්, පෙම්වතා විසින් එය ප්‍රතික්ෂේප කිරිම නිසා එයට උරණ වු පෙම්වතිය දුම්රියට පැන සිය දිවි හානි කර ගන්නා බවට පවසා තරුණිය බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබු දුම්රියට හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි පැන සිය දිවි හානි කරගෙන ඇති බවයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇත්තේ.

දුම්රියට පැන සියදිවි හානි කරගත් තරුණියගේ සිරුර පෙම්වතා විසින් හදුනාගෙන ඇති අතර, සිරුර පශ්චාර මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
3
+1
43
+1
4
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?