Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලෝක යොවුන් මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියෙන් චනුකි අක්ෂනාට රන්පදක්කම් 02ක්

බොස්ට්වානා රාජ්‍යයේ පවත්වා තිබුණු ලෝක යොවුන් මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය – 2026 ( World Youth Ranking Table Tennis Tournament – 2026 ) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ චනුකි අක්ෂනා එහිදී රන් පදක්කම් 02 ක් දිනා ගෙන අද (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවට වාර්තාවෙනවා.

මෙහිදී චනුකි අක්ෂනා වයස අවුරුදු 13 න් පහළ අංශයෙන් සහ වයස අවුරුදු 15 න් පහළ අංශයෙන් තරඟ කර රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී සිටිනවා.

මෙම තරඟාවලිය ඉකුත් 11 දින සිට 14 දින දක්වා බොස්ට්වානා රාජ්‍යයේ ගැබරෝන් නුවර පවත්වා තිබුණා.

ඇය අද (16) දින පස්වරු 04.13 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා .

මේ වනවිට චනුකි අක්ෂනා ලෝක ශ්‍රේණිගත කිරීම් වල 16 වන ස්ථානයේ පසුවන බවත් , ඇය ඒ සදහා 2026 වසරේ තරගාවලි 03 කට පමණක් සහභාගී වී, මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වී ඇති බවත් වාර්තාවෙනවා.

එහෙත් අනෙක් විදේශීය තරගකාරිනියන් එම ශ්‍රේණිගත ස්ථාන ලබා ගැනීම සදහා 2026 වසරේ තරගාවලි 20 කට පමණ සහභාගී වී ඇති බවත් අනාවරණය වෙනවා.

චනුකි අක්ෂනාට ආර්ථික දුෂ්කරතා නොවන්නට , මෙවැනි ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 10 කට පමණ සහභාගී වීමට අවස්ථාව හිමි වූවා නම් , ඇය මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ පසුවන ක්‍රීඩිකාව වීමට අවස්ථාව හිමි කර ගැනීමට ඉඩකඩ තිබූ බව මාධ්‍යය වෙත අදහස් දැක්වූ ඇයගේ පුහුණුකරු මෙන්ම අක්ෂනාගේ පියා වූ ලක්ෂාන් හර්ෂණ ප්‍රකාශ කරනවා.

චනුකි අක්ෂනා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් බවටත් වාර්තාවෙනවා.

මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල අඩුකරයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසින් ලාෆ්ස් ගෑස් මිල පහත දැමීම සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 13 වැනි දින මධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ්ස් ගෑස් සිලින්ඩරවල මිල හදිසියේ ඉහල දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු කළා.

එයට තදින්ම විරෝධතාවය දැක්වු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන්ට තම අධිකාරිය වෙත පැමිණෙන මෙන් දන්වා තිබුණා.

ඒ අනුව ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් අද (16) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණි අතර, එම අවස්ථාවේ, එම ස්ථානයට විරෝධතාවයක් දැක්වීම සඳහා පැමිණ සිටි ජනතාවට අදහස් දක්වමින් ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරියෙකු අද පස්වරුවේ සිට ලාෆ්ස් ගෑස් සිලින්ඩරවල මිල යම් ප්‍රමාණයකට අඩුකිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

එම ප්‍රකාශයට අනුව ලාෆ්ස් ගෑස් සමාගම විසින් තම සමාගමේ ගෑස් සිලින්ඩරවල අඩුකල මිල මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කින් අඩුකර තිබෙනවා

පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

මිල අඩුකිරීමෙන් පසු එහි නව මිල

එමෙන්ම, කිලෝග්‍රෑම් 05ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කින් අඩුකර තිබෙනවා.

රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 2,720ක් ලෙසින් සඳහන් වුණා.

මිල අඩු කිරීමෙන් පසු එහි නව මිල

ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව සමාගම ප්‍රකාශ කරනවා.

පාරිභෝගිකයන්ට ගෑස් නැවත පිරවුම් ලබාගත හැකි ස්ථාන සහ දිස්ත්‍රික්ක අනුව පවතින මිල ගණන් පිළිබඳ තොරතුරු 1345 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද සමාගම සඳහන් කරනවා.