ලෝක අලි දිනය අදයි – අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් දෙන බව රජය කියයි

ලෝක අලි දිනය අද (12) දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව, අද දිනට යෙදී ඇති ජගත් අලි දිනයේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය පවසන්නේ අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම යනු අපගේ සමස්ත ජෛව විවිධත්වය, ස්වාභාවික පරිසර පද්ධතිය, සංචාරක කර්මාන්තය, ජාතික ආර්ථිකය මෙන්ම සංස්කෘතික දායාදය ද එකලෙස සුරැකීම බවයි.

වසර ගණනාවක් පුරා මෙරට පැවැති අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලිය ස්වාභාවික සංචරණ මාර්ග සහ අලි මංකඩවල් අවහිරවීම, පාරිසරික මායිම් විධිමත් ලෙස කළමනාකරණය නොකිරීම සහ ගෝලීය දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම හේතුවෙන් අලි-මිනිස් ගැටුම අද වන විට සමාජීය හා ආර්ථික අර්බුදයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත් පරිසර අමාත්‍යංශය පෙන්වා දෙනවා.

පවතින ගැටලුව සඳහා අතීතයේ මෙන් තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට, ජනාධිපතිතුමාගේ සෘජු උපදෙස් හා මගපෙන්වීම යටතේ ස්ථිර, විද්‍යාත්මක සහ තිරසාර විසඳුමක් ලබාදීමට පරිසර අමාත්‍යංශය වෙත විද්‍යාත්මක පදනමින් යුතුව ඒකාබද්ධ කරන ලද ආයතනවල සහයෝගයෙන් කැපවීමෙන් කටයුතු කර ඇති අතර එය තව තවත් නව යෝජනා හා ප්‍රායෝගික වැඩපිළවෙල සමඟ නොකඩවා සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යංශය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30