යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky යුක්‍රේන හමුදා විසින් Kherson නගරය මුදා ගැනීමෙන් දින කිහිපයකට පසුව එහි සංචාරය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
ඔහු නගරයේ රැස්ව සිටි සොල්දාදුවන්ට කතා කරමින් සඳහන් කර තිබෙන්නේ යුක්‍රේනය ඉදිරියට යන බවත් එමෙන්ම සාමය සඳහා සූදානම් බවත්ය.
රුසියාවේ ප්‍රධාන මුල් ජයග්‍රහණවලින් එකක් ලෙස පසුගිය මාර්තු මාසයේදී කෙර්සන් අල්ලා ගනු ලැබුවා
මොස්කව්හි පැවති උත්සවයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ Luhansk, Donetsk, Zaporizhzhia සහ Kherson ඈඳා ගැනීම පිළිබඳව සාකච්ඡා කරන බවයි.
එමෙන්ම රුසියාවට එරෙහි යුද්ධයේදී නේටෝ සහ අනෙකුත් මිත්‍ර පාක්ෂිකයින් දැක්වූ සහයෝගයට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ස්තූතිය පුද කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා