රුසියානු සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් එක් කිරීම ගැන විරෝධයක්

යුරෝපා සංගමය රුසියාව වෙත පනවන 15 වැනි සම්බාධක සැලැස්ම පසුගිය 16 වනදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී චීන සමාගම් හා පුද්ගලයන් ද එම “සම්පූර්ණ සම්බාධක”ලැයිස්තුවට එක් කිරීමට මුල් වරට පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශය පවසන්නේ, චීනයේ විරෝධය හා සංවාද නොතකා රුසියාව වෙත 15 වැනි සම්බාධක පැනවීම තුළින් ඇතැම් චීන සමාගම් හා පුද්ගලයන් ද එම ලැයිස්තුවට එක් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බවයි.

ඊට චීනය දැඩි ලෙස විරුද්ධත්වය පළකර සිටින බව අවධාරණය කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර නීති පදනම හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහතික රහිත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම කෙරෙහි චීනය මුල සිට ම විරෝධය පළ කළ බවයි.

එමෙන්ම චීන යුරෝපා විස්තීර්ණ උපායමාර්ගික සබඳතාව රැකගැනීම, ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය තහවුරු කිරීම මත, වහාම චීන සමාගම්වල නීත්‍යනුකූල ප්‍රතිලාභවලට හානි සිදුකිරීම නතර කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කර ඇති බවයි චීන මාධ්‍ය සමූහය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43