අපවත් වී වදාළ ප්‍රවීණ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන සිකුරාදා (21) සිදු කිරීමට නියමිතයි.
ඒ, දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩා පිටියේදීයි.
උන්වහන්සේගේ දේහය අද (19) වැල්ලවත්ත සුදර්මාරාම විහාරස්ථානය වෙත වැඩමකරවීමට නියමිත අතර, ඉන් අනතුරුව දේහය මහජන ගෞරවය සදහා තැන්පත්කර තබෙනවා.
1950 වසරේ දී මොරවක, රඹුකනදී උපන් උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) පස්වරුවේ අපවත් වුණා.
අපවත්වන විට උන්වහන්සේ 76 වන වියේ පසු වුණා.













