රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද දහවල් සිට මහජන ගෞරවයට

අපවත් වී වදාළ ප්‍රවීණ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අද (19) දහවල් සිට වැල්ලවත්ත සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි.

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේගේ ඊයේ (18) පස්වරුවේ අපවත් වුණා.

අපවත්වන විට උන්වහන්සේ 76 වන වියේ පසු වුණා.

1950 වසරේ දී මොරවක, රඹුකනදී උපන් උන්වහන්සේ, මෙරට සංගීත කලාවට සුවිශේෂී සේවාවක් ඉටු කළ යථිවරයාණන් වහන්සේ නමක්.

ලා දළු බෝපත්, පිහිටක් නැති සරණක් නැති,හිමි සනරාමර ,සෙනෙහස පුදා,පිපෙනා මලකට,සියක් ආයු ලැබ ආදී ගීත රැසක් උන්වහන්සේ අතින් රචනා වුණා.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දීමට නියමිතයි.

.