රන්ජන්ගේ උපන්දිනය වෙනුවෙන් දයාන් විතාරණ තැබූ ආදරණීය සටහන සහ ඡායාරූප එකතුව

දයාන් විතාරණ කියන්නේ කලා ක්ශේත්‍රයේ ප්‍රවීනයෙක් වගේම දක්ශ ඡායාරූප ශිල්පියෙක්.ඔහු බොහෝ කලාකරුවන් වෙනුවෙන් ඡායාරූප ගැනීම් වගේම කලාකරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූප පලකිරීම් කරනවා.
පසුගිය දා යෙදී තිබුනු රංජන් රාමනායකගේ උපන්දිනය වෙනුවෙන් ඔහු මුහුනුපොතේ එවැනිම සටහනක් යොදා තිබුනා.මේ එම සටහනයි.


ආදරණීය මිතුරා, රන්ජන්ට නව බලාපොරොත්තු සපිරි අනාගතයක්ම හිමි රන් ජීවනයකට අසිරි වැඩෙනා උපන්දිනකට හෘදයාංගම සුබාසිරි ……………………………………..

ප්‍රවීණ ජනකාන්ත සිනමා නළු, චිත්‍රපට අධ්‍යක්ෂ මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ද වන රන්ජන් රාමනායක අද දින සිය උපන්දිනය සමරයි. මට වඩා එකළොස් මසක් බාල රන්ජන් මා හඳුනනුයේ මීට වසර 27 කට පමණ පෙරාතුව සිට ය.

එකල නිබඳව මගේ චිත්‍රාගාරයට ඡායාරූප ගැනීම සඳහා පැමිණෙන ඔහු නේකවිධ ඡායාරූපයන් ගැනීමට කැමැත්තක් දැක්වීය. සිය කාර්යය වෙනුවෙන් උපරිමය කැපවෙන ඔහු ඡායාරූප ගන්නා දිනට අන්‍යයන් මෙන් වෙනත් රාජකාරී යොදා නොගන්නේ නැත.

චිත්‍රපට නළුවෙකු ලෙස ඉතාම ජනප්‍රිය වූ ඔහු “යකඩ පිහාටු” චිත්‍රපටයේ කළ චරිතය අමතක කළ නොහැක. එමෙන්ම “ජය කොතැනද”, “ක්‍රිස්තු චරිතය”, “අවරගිර”, “චණ්ඩි රජා”, “හිමගිර”, “චණ්ඩි රැජින”, “වන්ෂොට් වන්”, “පාර්ලිමන්ට් ජෝක්ස්”, “පිස්සු ට්‍රිබල්”, “රෑ දැනියෙල් දවල් මිගෙල්”, “පායා එන්න හිරු සේ”, “ශ්‍රී ගෞතම සම්බුද්ධ”, “බහුභාර්යා”, “නිලම්බරේ”, “ජීවිතේ ලස්සනයි”, “ප්‍රවේගය”, “පරපුර”, “ලීඩර්”, “රන්ජා” සහ “ඩොක්ටර් නවරියන්” වැනි චිත්‍රපට රැසකින් ඔහු රංගනය සිනමාවට දායක කළේය.

ජනතා සම්මාන, දෙරණ, සරසවිය සහ සිග්නීස් වැනි සම්මානයන්ගෙන් පිදුම් ලද ඔහු ගයන “රන් සමනල ජෝඩුව වාගේ…….” ගීතය අතිශය ජනාදරයට පත් විය. එමෙන්ම “භාග්‍ය”, “චාරුලතා”, “ගුරු ගීතය”, “පිටගම්කාරයෝ”, “සාගරය පරදා” සහ “උලමාගේ රාත්‍රිය” වැනි ටෙලිනාට්‍ය හී ද රංගනය කළ ඔහු මා ආරාධිත පෙනී සිටීමකින් සම්බන්ධ වූ “සුවඳ දැනුනා ජීවිතේ” චිත්‍රපට අවසාන ගීතමය ජවනිකාවේ ද පෙනී සිටියේය.

දශකාධික කාලයක් පුරාවට ඔහු තම ජනප්‍රියත්වය නියතව පවත්වාගෙන සිටීම ආශ්චර්‍යමත්ය. එනමුත් ඉකුත් කාලයේ ඔහු තරමක් ආන්දෝලනාත්මක චරිතයක් ලෙසින් සමාජගත වූ අතර ඔහු දේශපාලනයට නොපිවිස රංගනය පමණක් සිදු කළේ නම් කදිම යැයි සිතෙන වාර ද බොහෝ ය. කෙසේ නමුත් එය ඔහුගේ රුචිකත්වයයි. මේ වන විට ඔහු අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත දඬුවම් ලබා කලක් තිස්සේම සිරගතව සිටින අතර, ඔහු කළ වරදට සුදු හුණු නොගෑව ද ඊටත් වඩා මහා පරිමාණයෙන් වැරදි ඇස් පනාපිට සිදුවෙන රටක ඔහු වැන්නෙක් එලෙස දඬුවම් විඳීම පමණක් සාධාරණදැයි අදටත් සිතේ.

එනිසාම මෙතෙක් ඒ පිළිබඳ කිසිත් සුබවාදී යමක් වනු නොදැකීම කණගාටුවට කරුණක් වුවත් ඔහුට යහපත් කායික සහ මානසික සෞඛ්‍යයකින් මේ ගෙවෙන කටුක කාලය ගෙවා දමා ඒ සියල්ල ජීවිතයට පාඩමක් කොටගෙන යළිත් නැගී සිටින්නට ධෛර්යය පතමි.

මේ ගෙවෙන සෑම දිනයක්ම, සෑම මොහොතක්ම අර්ථවත් පාඩමක් සේ සලකා ජීවිතයේ අනාගත ජයග්‍රහණයන් වෙනුවෙන් රන්ජන් සූදානම් විය යුතු බවත්, සිය රසිකයන් සහ හිතවතුන් තමන් වෙනුවෙන් සිදුකරන මෙහෙවර පිළිබඳ සිතමින් ඔවුන්ගේ ආදරය ගෞරවය හැකි ඉහළින්ම රැකගැනීම උදෙස වෙහෙස විය යුතු බවත් මා විශ්වාස කරන්නෙමි.

ඔහු එළඹෙන වසරේ ජීවිතයේ සුවිසෙස් උපන්දිනක් සමරන අතර කාලයේ ගෙවී ගොස් නැවත ඔහු ඉතා ඉක්මණින් මුණගැසෙන්නට හමුවේවායි පතන්නෙමි. පසුගිය 2020 වසරේ අගෝස්තු 28 වැනිදා මවිසින් ගනු ලැබූ ඔහුගේ ආසන්නතම ඡායාරූප පෙළක් මෙලෙසින් උපන්දින තිළිණයක් කොට ඔහු වෙත පිරිනමන අතර මේ සමගින් ඔබත් මමත් ඔහුට ගෙනෙන සුපැතුම් ගතින් දුරස් වුවත් ඔහු සමග සිතින් ළංවෙමින් ශක්තියක් වීමට රුකුලක් වේවායි පතමි. තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව සමගින් මතු දිනෙක නැවත අප වෙත පැමිණ තව චිරාත් කාලයක් කලා ලොව බබළවන්නට මෙන්ම ජයග්‍රහණය විජයග්‍රහණ ලබා ජනකාන්තියෙන්ම දිලෙන්නට රන්ජන් සොහොයුරාට හැකිවේවායි පතමි !!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53