රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා වැටලීම් 262,696ක් – 262,257 දෙනෙක් මාට්ටු

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක ”රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව පොලිසිය සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි 2025.10.30 දිනයේ සිට ඊයේ (27) දිනය දක්වා සමස්ථ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එම මෙහෙයුමට අදාළව පොලිසිය විසින් මේ දක්වා, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2266ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2684ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම, කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 293ක් ද පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙම මෙහෙයුම්වලට අදාළව වැටලීම් 262,696ක් සිදුකර පොලිසිය විසින් මේ දක්වා සැකකරුවන් 262,257ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතරින් සැකකරුවන් 3433කට රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය විසින් නිකුත් කර තිබෙන සමස්ත වාර්තාව පහතින්,