කාලගුණික වෙනස්වීම් මත ඩෙංගු රෝග ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති නිසා, රජය විසින් විශේෂ ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ලංකාව පුරා සෞඛ්‍ය වෙද්‍යෙ නිලධාරී කොට්ඨාශ 74ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබෙන අතර, නොවැම්බර් 09 සිට 14 වැනි දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එම කාලය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අතර සම්බන්ධීකරණය, ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවන් නොමැති ඉඩම්වල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම හා පවිත්‍ර කිරීම, පාසල්, පිරිවෙන්, විශ්ව විද්‍යාල, ආගමික ස්ථාන ආදිය පිරිසිදු කිරීම ආදි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්නට අදහස් කර තිබෙනවා.
මුලදී නොවැම්බර් 02 සිට නොවැම්බර් 07 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අදහස් කර තිබු නමුත්, අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස කල්දැමීමට සිදුවුණා.
රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා අනෙකුත් ස්වේඡ්චා සංවිධානය මෙම වැඩසටහනේ අනෙකුත් පාර්ශ්වයන් ලෙසින් කටයුතු කරනවා.
