හෙට උදෑසන සිට ක්රියාත්මක කිරීමට සැලසුම් කළ රජයේ වෛද්ය නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසනවා.
සෞඛ්ය සේවා අධ්යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්ය ආයතන ප්රධානීන් වෙත ලිඛිත දැනුම්දීමත් සමග රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
මේ අතර ජනවාරි මාසය සඳහා සාමාන්ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්රධානීන් වෙත නියෝග කර තිබේ










