යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසින් ට්‍රම්ප් පැරදුණු බවට ඉරානය කියයි

ඉරානය සමඟ ඇතිකරගත් යුද්ධය හේතුවෙන් ඇමෙරකානු මධ්‍යවාර මැතිවරණවලින් ට්‍රම්ප් පරාජය අත්කරගත් බවට ඉරානය ප්‍රකාශ කරනවා.

එක්සත් ජනපදය විසින් එල්ල කරන ඕනෑම නව ප්‍රහාරයක් සඳහා “උපරිම වැළැක්වීමේ” සැලැස්මක් සූදානම් බව ඉරානය පවසනවා.

ඒ අතරම එවන් ප්‍රහාරයක් එල්ලවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පුළුල් වූ භූගෝලීය ප්‍රදේශ හරහා එක්සත් ජනපද සහ ඊශ්‍රායල වත්කම් ඇතුළත් කිරීමට ඉරාන හමුදාව එහි ඉලක්ක ලැයිස්තු යාවත්කාලීන කරන බවටත් වාර්තාවෙනවා.

ඇමෙරිකාවෙන් හෝ වෙනත් රටකින් තම රටට එරෙහිව යම් ප්‍රහාරයක් එල්ලවුවහොත්, ක්ෂණික ප්‍රතිචාරයක් දක්වන බවට ද ඉරානය අනතුරු අඟවයි.

ඒ අතර ඉරානයට එරෙහි යුද්ධය එක්සත් ජනපද මධ්‍ය කාලීන මැතිවරණවලදී රිපබ්ලිකන්වරුන්ගේ පරාජයන්ට හේතුව “කොටසක්” බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රිපබ්ලිකන් පරාජයන් පිළිබඳව අදහස් දක්වමින් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ ඇමරිකානුවන් “යුද්ධය එපා” යැයි පැවසූ බවත්, අපි මෙම පණිවිඩය අනුමත කරන බවත්ය.

ගාසා තීරය, ඉරානය සහ ඊශ්‍රායලයට ‘අන්ධ ලෙස ඇලී සිටීම’ එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පරාජයට හේතු වූ බව ඉරාන නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.

ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂයෙන් එක්සත් ජනපද කොංග්‍රසය පාලනය කිරීමේ බලය අත්පත් කර ගැනීමෙන් පසු, “සෙනෙට් සභාව සහ කොංග්‍රස් මැතිවරණවලදී ඇමරිකානු ජනතාවගේ ප්‍රබල පණිවිඩයට ලෝකය සවන් දුන්” බව ඉරාන ජනාධිපති කාර්යාල නිලධාරියෙක් පවසනවා.

“ගාසා තීරයේ සිදු වූ මානව අපරාධ, නීති විරෝධී ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ අවශ්‍යතා අන්ධ ලෙස පිළිපැදීම සහ ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ නිමක් නැති යුද්ධය, ඇමරිකානු මැතිවරණ ඉතිහාසයේ විශාලතම පරාජය රිපබ්ලිකන් පක්ෂයට ගෙන ආවේය,” ඉරාන ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන සහ තොරතුරු නියෝජ්‍ය මෙහ්ඩි ටබටබායි X සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් තබා තිබෙනවා.

“ඇමරිකානු ජාතියේ ගෞරවය යථා තත්ත්වයට පත් කිරීම ප්‍රශංසනීයයි,” ඔහු තවදුරටත් පවසනවා.

ඒ අතරම එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් (UKMTO) ට අනුව හෝර්මුස් සමුද්‍ර සන්ධිය අසල තෙල් ටැංකියකට “නොදන්නා ප්‍රක්ෂේපණ” දෙකක් පහර දී ඇති බවටත් වාර්තාවේ.