මාවතගම පොලිස් වසමේ මාවතගම අහස්යානාපිටිය මාර්ගයේ ඊයේ (04) දින දහවල් ප්රජා ශාලාව ඉදිරිපිට දී මාවතගම දෙස සිට අහස්යානාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රථිවිරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු මාවතගම රෝහලට ඇතුලත් කර, වැඩිදුර ප්රථිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ප්රථිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇති බව වාර්තා වනවා.
මරණකරු අවුරුදු 17ක් වූ සීරාදුන්න, මාවතගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මාවතගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













