spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීව වහාම අත්අඩංගුවට ගන්න – විපක්ෂය (වීඩියෝ)

කාවින්ද ජයවර්ධන ,මනෝ ගනේශන් සහ නියෝමාල් පෙරේරා යන මන්ත්‍රීවරුන් අද (23) දින කාදිනල් හිමීපාණන් හමුවීමට බිෂොප් හවුස් වෙත පැමිණියා.

අනතුරුව පිටතට පැමිණ අදහස් දක්වමින් එම මන්ත්‍රීවරුන් කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ඊයේ (23) දින කළ ප්‍රකාශයට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබා ගතයුතු බවයි.

දේවස්ථාන තුනක් ඇතුළු හෝටල් වලට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ජිවිත 270 අධික සංඛ්‍යාවක් අහිමි කල විනාශය පිළිබද වසර පහක් ගතවී අවසන්ව තිබෙනවා.

එවැනි පසුබිමක මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් පොලිස්පති ,පොලිසිය භාර අමාත්‍යවරයා සහ ජනාධිපතිවරායට ඒ සදහා යුක්තිය ඉටු කිරීමට වගකීමක් ඇති බවද එම මන්ත්‍රීවරුන් සදහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ප්‍රකාශය පිළිබද පරීක්ෂණ ආරම්භ කල යුතු බවද එම මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?