මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නැහැ – හිටපු ජනපති කියයි

ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නැහැ. කෘෂිකර්ම ඇමති ඇමැතිවරයා නියරක යන්ඩ දන්න කෙනෙක් නෙමෙයි. මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නෑ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බකමූණ නගර මධ්‍යයේ ගොවීන් විසින් සිදුකරන අඛණ්ඩ උපවාස අවස්ථාවට එක්ව ගොවීන් සමග සංවාදයේ යෙදෙමින් සඳහන් කර සිටියා.

මොරගහකන්ද සහ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් ඒකාබද්ධව රසායනික පොහොර ලබා දෙන ලෙසට බලකපළකරමින් ඉකුත් 24 වෙනිදා අඛණ්ඩව උපවාසයක් ආරම්භ කරනු ලැබුවා.

” මම කීප වතාවක්ම කෘෂිකෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර ගහනවා.

ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොලොන්නරුවට යන්න විදිහක් නෑ කියලා. ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරු මට මඩ ප්‍රහාර ගහන්නේ. ඒවා මම ගණන් ගන්නේ නෑ, යැයි ද හිටපු ජනාධිපතිවරයා ගොවීන් සමග සංවාදයට එක්වෙමින් සඳහන් කර සිටියා.

නැවත බලයට පත්වුවහොත් ගොවීන් වෙනුවෙන් කුමක් කරන්නේදැයි එහි සිටි ගොවි මහතෙකු ඇසූ අතර, ඊට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ තමා ගොවීන් අමාරුවේ නොදමන බවත්,කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් ‍ක්‍රමානුකූලව වගා කිරීමට ගොවියා හුරු කරවන බවයි.

ලෝකයේ කිසිදු රටක සීයට සීයක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන රටක් නෑ. ඕස්ට්‍රේලියාව පවා වගා කටයුතු කරන්නේ කාබනික පොහොර වලින් සීයට 50කින් පමණයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවංගත තම පියාට පුෂ්පෝපාහාර දැක්වීමට සජිත් ප්‍රේමදාස එයි..එජාප නවීන් ඇතුළු සෙට් එකක් ඇවිත්
04:00
Video thumbnail
කම්කරු දිනයේ වඩිවේල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජනපති රතු ෂර්ට් එකකුත් දාගෙන ගැම්මෙන් නුවරඑළියට ආ හැටි
01:25
Video thumbnail
දිලිත්ගේ මැයි රැළියට ජන ගඟක් ගලාගෙන එන හැටි
01:50
Video thumbnail
හිටපු ජනපති මහින්දයි පුතයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39