ශ්රී ලංකාවේ ප්රථම සජීවීකරණ (Animation) කාටූන් චිත්රපට නිර්මාණකරුවෙක් මෙන්ම ප්රවීණ සිනමා තාක්ෂණවේදියෙක් වූ ගිවන්ත අර්ථසාද් අභාවප්රාප්ත වී තිබෙනවා.
පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
මියයන විට ඔහු 73 වැනි වියෙහි පසුවුණා.
ගිවන්ත අර්ථසාද් ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද සේවය කර තිබෙනවා.













